කොරෝනා රෝගීන්ට සුවය පතා ආශිර්වාද පූජාවක් | දිනමිණ

කොරෝනා රෝගීන්ට සුවය පතා ආශිර්වාද පූජාවක්

කොරෝනා වෛරසයෙන් පිඩා විඳින චිනය හා ශ්‍රි ලංකික වැසියන් ඇතුළු ලෝක වාසින්ට ඉක්මන් සුවය හා ආරක්ෂාව ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද පුජාවක් ඉකුත් 03 දා අනුරාධපුර ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ හා රුවන්වැලි මහා සෑ රදුන් අභියසදි පැවැත්විණි. කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව චින ලංකා ආර්ථික වෙළද සහ සංස්කෘතික සහයෝගිතා කේන්ද්‍රය විසින් සංවිධානය කරන ලද මෙම ආශිර්වාද පින්කම පසුගියදා තිස්සමහා රාම විහාරස්ථානය අභියසදි ආරම්භ විය. අනතුරුව කිරි වෙහෙර, මහියංගනය, දළදා මාළිගාව අභියසදී ද මෙම ආශිර්වාද පුජාව පවත්වන ලදී. මෙම ඓතිහාසික පූජනීය ස්ථානයන්හි දි රතන සුත්‍රය දේශනා කරන ලද පිරිත් පැන් කළ චින රාජ්‍යට වැඩම කරවීම අග්‍රාමාත්‍යවරයා හා චින තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය. අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස, රුවන්වැලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන යන නාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් පැවති මෙම පින්කම සඳහා අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන, උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන ඇමති එස්.එම් රංජිත් සමරකෝන් මහතා ඇතුළු පිරිසකද එක්ව සිටියහ.

  අමිල ප්‍රභාත් වනසිංහ -අනුරාධපුර අතිරේක

නව අදහස දක්වන්න