ඇලහැර ගොයමට කිඩෑ හානි | දිනමිණ

ඇලහැර ගොයමට කිඩෑ හානි

ඇලහැර ප්‍රදේශයේ ගොවි මහතුන් විසින් මෙම යල කන්නයේ වගා කළ වී ගොයමට දුඹුරුපැළ කිඩෑ වසංගතය පැතිර යාම නිසා ගොවි මහතුන් අන්ත අසරණ තත්ත්වයට පත්වී සිටි. මේ වනවිට සරුබිම, ජයසිරිපුර, ඉකිළිවැව, ගගේයාය යන ප්‍රදේශවල කිඩෑ උවදුර තදින් පැතිර යන බව ගොවි මහතුන් පවසයි. කිරි හයිවෙන හා මල් පිදෙන වී ගොයමට පැතිර යන මෙම වසංගතය මර්ධනය කිරීම සඳහා රජයේ බලධාරීන් කිසිදු වැඩපිළිවලක් ගෙන නොමැති බවද ගොවි මහතුන් කියයි. නිලධාරින් දෙන උපදෙස් අනුව කෘමිනාශක යෙදුවත් තදින් පැතිර යන මෙම වසංගතය මර්ධනය කිරීමට නොහැකි බවද ගොවි මහතුන් පවසයි. මේ පිළිබඳ සැගල එ්කක කළමනාකරු ඒ. එම්. කේ. අතපත්තු මහතා ගෙන් විමසූ විට පැවසුවේ වසංගතය නිසා විනාශ වූ ගොවි මහතුන්ට කෘෂිරක්ෂණ වන්දියක් ගෙවීමට හැකි බවත් ඒ සඳහා අවශ්‍ය අයදුම්පත් ගොවිජන සේවා කාර්යාලයෙන් ලබා ගැනීමට හැකිබවත්ය. තවද ගොයමට පැතිරයන වසංගතය මර්ධනය කිරිම සඳහා ගොවි මහතුන් දැනුවත් කරන බවද පැවසිය.

 

 ඇලහැර සරත් වෙලගෙදර

නව අදහස දක්වන්න