රෝහල ඉදිරිපිට ඇති මාර ගස් කපා ඉවත් කරයි | දිනමිණ

රෝහල ඉදිරිපිට ඇති මාර ගස් කපා ඉවත් කරයි

සෞඛ්‍ය අමාත්‍යාංශය බදුල්ල පළාත් මහ රෝහලේ ළය රෝහල ඉදිරිපිට පිහිටි ගොඩනැඟිලි වලට මෙන්ම රෝගීන්ට අවහිරයක් වන පරිද්දෙන් පිහිටි දැවැන්ත මාර ගස් කපා ඉවත් කිරීමට පියවර ගෙන ඇත. වසර ගණනාවක් පැරැණි මෙම මාර ගස් වල අතු කඩා වැටීමෙන් රෝගීන්ට හා එහි ගොඩනැඟිලි වලට සිදු වන්නා වූ හානිය සැලකිල්ලට ගනිමින් මෙම ගස් කපා ඉවත් කිරීමට පියවර ගත් බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් රෝහලේ ප්‍රධාන හෙද නිලධාරී දර්ශන වීරසේකර මහතා පැවසීය .

එසේම ගස් කපා ඉවත් කිරීමෙන් පසුව ලැබෙන ඉඩකඩ ප්‍රයෝජනයට ගනිමින් ළය රෝහල හා ඒ අසල පිහිටි සෙසු සායන වලට පැමිණෙන රෝගීන් සඳහා රැඳී සිටීම පිණිස ගොඩනැඟිලි කීපයක් ඉදි කිරීමට සැලසුම් කර ඇතැයිද දර්ශන වීරසේකර මහතා පැවසීය.

  මීගහකිවුල සමූහ එන්. නවරත්න

 

නව අදහස දක්වන්න