11 හැවිරිදි සිරියා ක්‍රීඩිකාව ඔලිම්පික් වරම් ලබයි | දිනමිණ

11 හැවිරිදි සිරියා ක්‍රීඩිකාව ඔලිම්පික් වරම් ලබයි

ජෝර්දානයේ පැවති බටහිර ආසියානු ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ මේස පන්දු තරගාවලිය ජය ගනිමින් ටෝකියෝ ක්‍රීඩා උළෙල සඳහා 11 හැවිරිදි සිරියවේ හෙන්ඩ් ෂාෂා සුදුසුකම් ලබා ඇති බව සිරියා මේස පන්දු සම්මේලනය සහ සිරියාවේ ඔලිම්පික් කමිටුව පවසයි.

මේස පන්දු අවම වයස් සීමාවක් නොමැති ඔලිම්පික් ක්‍රීඩා වලින් එකක් වන අතර වසර 2009 ජනවාරි 1දා උපත ලද ඇය ඔලිම්පික් ඉතිහාසයේ ළබාලතම ක්‍රීඩිකාව බවට පත්ව සිටින්නීය. මෙයට පෙර 1968 දී රුමේනියානු ක්‍රීඩක බියට්‍රිස් හුස්ටියූ ළාබාලතමයා බවට පත්ව සිටියේය. ලේඛනගත කරන ලද ළාබාලතම ඔලිම්පික් තරගකරුවා ලෙස 1896 දී ඇතන්ස් හි පැවති පළමු නවීන ක්‍රීඩා උළෙලේදී ග්‍රීක ජිම්නාස්ටික් ක්‍රීඩක ඩිමිට්‍රියෝස් ලවුන්ඩ්‍රාස්ගේ නම සටහන්වී තිබිණි.

හෙන්ඩ් ෂාෂා බටහිර ආසියානු ටේබල් ටෙනිස් ඔලිම්පික් සුදුසුකම් තරගාවලියේදී 42 හැවිරිදි ලෙබනන් ක්‍රීඩිකා මරියානා ෂාකීන් 4-3ක් ලෙස පරදවා රන් පදක්කම දිනා ගත්තාය. ඇය මේ ජයග්‍රහණයට පෙර ලෝක මේස පන්දු ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ 155 වැනි ස්ථානයේ පසු වූවාය.

නව අදහස දක්වන්න