‘JAFFNA GOT TALENT -2020’ අව­සන් අදි­යර හෙට | දිනමිණ

‘JAFFNA GOT TALENT -2020’ අව­සන් අදි­යර හෙට

 

යුද හමුදාව විසින් යාපනයේ ජනතාවගේ විවිධ හැකියා වර්ධනය කරවීමේ අරමුණින් දියත් කොට ඇති ‘JAFFNA GOT TALENT -2020‘ වැඩසටහනේ අවසන් අදියර (10) යාපනය ආරක්ෂක සේනාංක මූලස්ථානයේ දී ආරම්භ වෙයි.

යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජෙනරාල්රුවන් වනිගසූරිය මහතාගේ මඟ පෙන්වීම යටතේ 52 වැනි සේනාංකාධිපති මේජර් ජෙනරාල් සේන වඩුගේ මහතාගේ අධීක්ෂණය මත මේ වැඩ සටහනේ මුල් අදියරයන් පවත්වා අවසන් පූර්ව වටයට තරගකරුවන් විසිදෙනකු ගායන හා නර්තන අංශවලින් තෝරාගෙන තිබේ.

අවසන් පූර්ව තරගයේ දී අංශ දෙකෙන්ම තරගකරුවන් දස දෙනකු තෝරා ගැනීමෙන් පසු අප්‍රේල් මස 5 වැනිදා යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අවසන් වටයේ තරගකරුවන් තෝරා ඔවුන්ට ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

යුද හමුදාව හා යාපනයේ සාමාන්‍ය ජනතාව අතර තවදුරටත් සුහදතාව වර්ධනය කරවීම සඳහා මේ වැඩසටහන දියත් කොට තිබේ.


 

 උතුරු පළාත් විශේෂ

නව අදහස දක්වන්න