පුපුරන ද්‍රව්‍ය යොදා මන්නාරමේ දී ඇල්ලූ මාළු සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය භාරයට | දිනමිණ

පුපුරන ද්‍රව්‍ය යොදා මන්නාරමේ දී ඇල්ලූ මාළු සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය භාරයට

මන්නාරම, සවුත්බාර් ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් අල්ලමින් සිටි පුද්ගලයකු නාවික හමුදාව විසින් ඉකුත් 5දා අත් අඩංගුවට ගෙන තිබේ.

මේ පුද්ගලයා විසින් අල්ලන ලද මාළු කිලෝ ග්‍රෑම් 88 ක් ද නාවික හමුදා බාරයට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 47 ක එම පළාතේම පදිංචි අයකු බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් මන්නාරම, සවුත්බාර් ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී පුපුරණ ද්‍රව්‍ය (ඩයිනමයිට්) යොදා ඇල්ලූ මසුන් ධීවර වාඩියක් තුල තිබියදි මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත.

නාවික හමුදා භාරයට ගත් සැකකරු සහ මාළු තොගය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

 

 උතුරු පළාත් විශේෂ

රසුල දිල්හාර ගමගේ

නව අදහස දක්වන්න