රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ නාවික හමුදාවට සමුදෙයි | දිනමිණ

රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ නාවික හමුදාවට සමුදෙයි

නැගෙනහිර නාවික විධානය භාරව සිටි අඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා වසර 35ක රාජකාරි දිවියට සමුදෙමින් විශ්‍රාම ගියේය.

නාවික ශිෂ්‍ය භටයෙකු ලෙස නාවික හමුදාවට බැදුනු රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා වයඹ නියෝජ්‍ය ආඥාපති නාවික අධ්‍යක්ෂ (මෙහෙයුම්) උතුරු හා උතුරු මැද නාවික විධානයන් භාරවත් අවසන් වරට නැගෙනහිර නාවික ආඥාපතිවරයා ලෙසත් කටයුතු කළේය.

විශ්‍රාම යන නාවික ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා නාවික හමුදා මුලස්ථානයේදි නාවික ආඥාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සිය නිල සමුගැනීම දැනුම් දී නාවික සම්මාන සහිතව නාවික හමුදාවෙන් සමුගත්තේය.

 

 ත්‍රි/මලය විශේෂ

ඒ.ටි.එම් .ගුණානන්ද

නව අදහස දක්වන්න