ලෝක බැංකු වාර්තාවලින් වැඩක් නෑරටේ සෞභාග්‍ය මනින මිම්ම ජනතා සතුටයි | දිනමිණ

ලෝක බැංකු වාර්තාවලින් වැඩක් නෑරටේ සෞභාග්‍ය මනින මිම්ම ජනතා සතුටයි

වැලිගම ප්‍රා. සභාවේ දෙවර්ෂ පූර්ණ සැමරුමේ දී ඇමැති ඩලස් කියයි

දින 110කින් පසු එක නීතියක් ඇවිත්

ආරක්ෂා කිරීමට අපහසුම දෙයමහජන විශ්වාසයයි

 ප්‍රාදේශීය සභා ඡන්දය වසර 1 ½ක් කල්දැම්මා

ලෝක බැංකු වාර්තාවලින් වැඩක් නැහැ, ජීවන දර්ශකවලින් වැඩක් නැහැ, රටේ සෞභාග්‍ය මනින මිම්ම වන්නේ ජනතාව සතුටින් සිටීමයි. මෙය ලෝකයේ රටක් සශ්‍රීකත්වය, දියුණු බව සහ සංවර්ධිත රටක් ද යන්න මනින මිම්මයි. අපේ රටේ මිනිසුන් හිනාවී ඉන්නවා. එය ලෝකයේ ඕනෑම රටක් මනින මිම්මට වඩා වැදගත් වෙනවා. අපට ඕනෑම දෙයක් ආරක්ෂා කළ හැකියි. එය සේප්පුවල දාල හෝ ආරක්ෂා කළ හැකියි. එහෙත් අපට ආරක්ෂා කිරීමට අපහසුම දෙය මහජන විශ්වාසයයි. අප සියලු දේශපාලනඥයන් හමුවේ එම අභියෝගය පවතිනවා. අප එයට ආදරය කළ යුතු බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය දා වැලිගම ප්‍රාදේශීය සභාවේ දෙවර්ෂ පූර්ණ සැමරුම් උළෙලට එක්වෙමිනි. එහි දී තවදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද පැවැසීය.

අපේ රටේ මරණ බය හැම තැනම තිබුණා. පාතාලය, අන්තවාදය නැඟිටල තිබුණා. එය කොයිතරම් පැතිරිලා තිබුණද ? ඔළුව කපල ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනාවා. නීතිය නැමෙන බලපරාක්‍රමයක් තිබුණා. නීතියක් තිබුණේ නැහැ. කැලෑ නීතියක් තිබුණෙ. විවිධ හේතූන් මත නීතිය වෙනස් වුණා. දින 110කින් පසු රටට එක නීතියක් ඇවිත් තිබෙනවා. කුස තුළ ඉපදෙන්න ඉන්න දරුවා ගැන දැන් බයක් නැහැ. හැම කෙනකුගෙම විශ්වාසයක් ගොඩනැඟී තිබෙනවා. මරණ බය නැති වාසනාවන්ත රටක් උදාවී තිබෙනවා. විනය, ආරක්ෂාව, නීතිය හා සංවරය ඉතා ඉහළින් ආරක්ෂාවී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කියනවා. වෙනම ලකුණකින් තරග කරන බව හිටපු විපක්ෂ නායකවරයා පවසනවා. මේ ප්‍රාදේශීය සභා මැතිවරණය වසර 1 ½ක් කල්දමා පැවැත්වුණේ. පසුගිය පාලකයන්ට මැතිවරණ කල්දැමීමේ ඉතිහාසයක් තිබුණා. ජනතාවගේ ඡන්ද අයිතිය පැහැරගෙන තිබුණා. මේ ආණ්ඩුව ඇවිත් නියම වේලාවට ඡන්දය දෙන අවස්ථාවේ එකම පක්ෂය තුළ කුළල් කා ගන්නවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ රටට නිදහස කැන්දාගෙන ආපු පක්ෂයයි. ප්‍රධාන දේශපාලන දහරාවේ පක්ෂයක් මෙසේ කැඩී බිඳී විනාශවී යෑම ගැන අප සතුටු වෙන්නේ නැහැ. බල අරගලය නිසා මේ තත්ත්වය ඇතිවී තිබෙනවා. ඔවුන්ගේ පාලන කාලය තුළ පසුගිය කාලයේ රටට එවැනිම ඉරණමක් අත්වුණා. ජාත්‍යන්තර බැදීම්වලින් නිදහස්වී වැදගත් රටක් ලෙස මේ රට පාතබන වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති එක්ක එකට පෙළගැසිය යුතුයි.

මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන එක්ක ගත්තම වැලිගම ප්‍රාදේශීය සභාව මහජනතාවට පක්ෂ වැදගත් මෙහෙවරක් කර තිබෙනවා. දේශපාලන භේදයෙන් තොරව ඇගයිය හැකි වැඩපිළිවෙළක් කර තිබෙනවා. අහිංසක මිනිසුන්ට ගැ‍ළපෙන පාලනයක් වර්තමානයේ මෙහි ස්ථාපනයවී තිබෙනවා. ඒ පිළිබඳ සියලු දෙනාටම ආඩම්බර විය හැකියි.

 

 වැලිගම සමූහ

නව අදහස දක්වන්න