පොඩි පොඩි වැරදි කරපු අය වගේ රවි පොලීසියට බයේ කැලේ පනිනවා | දිනමිණ

පොඩි පොඩි වැරදි කරපු අය වගේ රවි පොලීසියට බයේ කැලේ පනිනවා

ඇමැති එස්.එම්. චන්ද්‍රසේන

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසියට හා අධිකරණයට ඉඩ දී තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ එයයි.අපි රවි කරුණානායක, රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගන්න ආණ්ඩුවක් විදියට මැදිහත් විය යුතු නෑ.අධිකරණය සහ පොලිසිය තිබෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමටයි.අධිකරණයයි පොලිසියයි නීතිය ක්‍රියාත්මක කරනවාද කියා අපිටත් රටේ පුරවැසියන්ටත් බලා සිටින්න පමණයි සිදුව තිබෙන්නේ.රවි කරුණානායක මහතා අත්අඩංගුවට ගන්න කියා නිතිපතිවරයාගේ උපදෙස් හා අධිකරණ නියෝග නිකුත් කර තිබෙනවා.එතුමා ගැන තොරතුරු නිසි පරිදි ලැබුණ නිසා.රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ මුදල් ඇමැතිකමෙනුත් අස්කළා.අයේ පසුව වෙනත් ඇමැතිකමක් දුන්නේ.ඔහුට චෝදනා තිබෙන නිසා ඒ ආණ්ඩුවේ ඇමැතිකමෙන් ඉවත් කළා.රනිල් වික්‍රමසිංහ ,ෆුට්නොට් කල්ලිය,පොත් ලියාපු අය සිටිනවා.මේ අය ගැනත් නිසි පරීක්ෂණ කර වැරදිකරුවන් හදුනා ගෙන නිතිය ක්‍රියාත්මක කරන්න අධිකරණය හා පොලිසිය ක්‍රියාත්මක වෙයි කියා බලා පොරෝත්තු වෙනවා.

අනුරාධපුර අතිරේක

පොඩි පොඩි වැරදි කරපු අය පොලිසියට බයේ කැලේ හැංගෙනවා වගේ අද හිටපු මුදල් ඇමැති, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රවි කරුණානායක මහතා පොලිසියට බයේ කැලේ පැන හැංගීසිටින බව ඉඩම්, ඉඩම් සංවර්ධන හා පරිසර වනජිවි කටයුතු ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව පවසා සිටියේ අනුරාධපුරයේ පෙරේදා(8)සවස පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍ය වේදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

එහිදි තවදුරටත් අදහස් දැක්වු එස්.එම්. චන්ද්‍රසේන මහතා මෙසේද පැවසිය.

බොහොම උජාරුවට ප්‍රජාතන්ත්‍රවාදය නීතිය ගැන කතා කළ කෙනා පොලිසියට බයේ කැලේ පනින එකනම් ඉතාම ලැජ්ජා සහගත ක්‍රියාවක්.තමන් වැරද්දක් කෙළේ නැත්නම් හැංගෙන්න අවශ්‍ය නෑ. වැරදි කරපු නිසයි දැන් කැලේ පනින්නේ .කෙහෙල් කන කපපු මිනිහා කැලේ පනින්නේ කෙහෙල් කන කැපුවායින් පසුවයි.

අද වනවිට එක්සත් ජාතික පක්ෂය දෙකඩ වි අවසන්.ඔවුන් මෙවර මහ මැතිවරණයේ දී අන්ත පරාජයක් ලබනවා.අපි බලයට පත්වී කෙටි කාලයක් තුළ රැකියා ලබා දීම,ජනතාවට සහන ලබා දිම ඇතුළු විශාල වැඩ කොටසක් සිදුකර තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද පසුගිය ජනාධිපතිවරණයේදී විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබා ගැනීමට හැකි වුණා.වැඩි ජන්ද එක් ලක්ෂ හතළිස් හත්දහසක් පමණ ඉතිහාසයේ පළමුවරට ජනාධිපතිවරයකුට දුන් ප්‍රමාණය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව ලබා දී තිබෙනවා.ඉතිහාසයේ සිට ජනාධිපතිවරයා පත්වන පැත්තේ තමයි ආණ්ඩුව තිබෙන්නේ.ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සිට අපි දැක්ක දෙයක් තමයි ජනාධිපතිවරයා පත්වන පැත්තට තමයි ආණ්ඩුව පිහිටුවන්නේ.ජනතාව ජනාධිපති පත් කරන්නේ යම් බලාපොරොත්තු තබා ගෙනයි.ඒ නිසා පැහැදිලිවම ජනාධිපති පත් කළ ජනතාව ඒ ජනාධිපතිවරයාගේ වැඩකළ හැකි ශක්තිමත් ආණ්ඩුවක් හදන්නත් ජන්දය භාවිත කරනවා කියන එක පැහැදිලියි.ඒ නිසා මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය විශිෂ්ඨ ජයක් ලබන බව පැහැදිලියි.

අපිට සුළු පක්ෂවල සහය අවශ්‍ය නෑ.ඒ අය පිළිබඳව විශ්වාසයකුත් නෑ.ඔවුන් සැම විටම අපේ ආණ්ඩුව අසරණ කර අතරමං කර පැන යනවා.ගොඩක් දෙනෙක් පැවසුවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට සුළු ජාතින්ගේ ජන්ද නැතිව ජය ගත නොහැකියි කියා.නමුත් ලක්ෂ හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක් මේ රටේ ජනතාව ජන්දය ලබා දුන්නා.ඒ අතර මුස්ලිම්,දෙමළ ජන්ද බහුතරයක් තිබුණේ නැති වුණාට අපි පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛයාවක් ලබා ගන්නවා .එය ජනතාව දන්නවා.ජනතාව එය නිවැරදිව සිදු කරයි කියා අප විශ්වාස කරනවා.

 

 අනුරාධපුර අතිරේක

නව අදහස දක්වන්න