මීගමුව-ගල්කිස්ස අතර වෙරළබඩ දේවස්ථානවලට විශේෂ ආරක්ෂාව | දිනමිණ

මීගමුව-ගල්කිස්ස අතර වෙරළබඩ දේවස්ථානවලට විශේෂ ආරක්ෂාව

මීගමුවේ සිට ගල්කිස්ස දක්වා වෙරළබඩ ප්‍රදේශවල පිහිටි සියලුම දේවස්ථානවල දේවමෙහෙයන් පැවැත්වෙන කාලසීමාවේ විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් පොලිස් විශේෂ කාර්ය බළකාය ආරම්භකර තිබේ.

ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ යතුරුපැදි ඒකකය යොදවා ඇත. යතුරු පැදි බළකා සෙබලුන් 50 කට වැඩි පිරිසක් දේවමෙහෙයන් පැවැත්යෙවන කාලසීමාවේ දේවස්ථාන පිහිටි ප්‍රදේශවල මාර්ගවල සැරිසරමින් සැකකටයුතු පුද්ගලයන් පරීක්ෂාවට ලක්කරමින් එම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාතමක කරනු ඇතැයි විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙක් පැවැසීය.

 

 ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න