එජාපය ප්‍රමුඛ සමගි ජනබලවේගයේ සිටින්නේ රටේ සාරය උරාබීපු රකුසන් පිරිසක් | දිනමිණ


 

එජාපය ප්‍රමුඛ සමගි ජනබලවේගයේ සිටින්නේ රටේ සාරය උරාබීපු රකුසන් පිරිසක්

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි ජනබලවේගයේ සිටින්නේ රටේ සාරය උරාබීපු රකුසන් පිරිසක් බව හිටපු ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කරති.

හිටපු ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ, කුරුණෑගල මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට පෙරේදා (09) දින සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර ප්‍රියදර්ශන යාපා මහතා-

අද අපේ රටේ එක පැත්තක කණ්ඩායමක් සිටිනවා. එම කණ්ඩායම පිටුපස සිටින්නෙ අපේ රටේ සාරය උරා බීපු බියකරු රකුසන් පිරිසක්. ඒ තමයි ඔය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි සන්ධානය. කවුරුන් මොනවා කීවත් ඒක තමයි ඇත්ත. ඒ මිනිස්සු දිහා බැලුවහම පේනවා කොයිතරම් දුරට මේ රටට හානි කරපු මිනිස්සුද ඉන්නේ කියලා.

එම තත්ත්වය අපි වෙනස් කරන්න ඕන නම් අවංක ශක්තිමත් පිරිසක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට තිළිණ කරන්න අවශ්‍යයි. මොකද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රට හදන සැලසුමක් සකස් කරගෙන තමයි එළියට ආවේ. කවදාවත් නැති විදිහට සැලසුම් සකස් කෙරුවා. අපේ ආගම ජාතිය ආරක්ෂා කරගෙන අන්‍ය හැම කෙනෙකුටම ජීවත්වෙන්න පුළුවන් වටපිටාවක් හදලා ආර්ථික සමෘද්ධිය ඇති කිරීම ප්‍රධාන මාතෘකාවක් කරගෙන තමයි එතුමා එළියට බැහැලා ක්‍රියා කෙරුවේ. ඒ අනුව තමයි ඒ ජාතික නායකත්වයට සහාය දෙන අපේ ජාතික නායකයත් මේ දිස්ත්‍රික්කයේ ඉන්නෙ. අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. මේ ඔක්කොම අපි එක කණ්ඩායමක්. අපි ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ. වැඩ කෙරුවොත් විතරයි අර බියකරු කණ්ඩායම පරාජය කරන්න පුළුවන්. ඒ අයට ජාතික හැඟීමක් ඇත්තේ නෑ. ඒ අයට ආර්ථික සංවර්ධනය, ආර්ථික ස්වාධීනත්වය ගැන මතයක් නෑ. හැම වෙලාවකම ඉන්නේ අනික් රටවල් වලට දණ නමාගෙනමයි.

නව අදහස දක්වන්න