තෙල් සංස්ථාවේ රැකියා දෙන බව කියා කෝටි ගණනක් වංචා කරලා | දිනමිණ

තෙල් සංස්ථාවේ රැකියා දෙන බව කියා කෝටි ගණනක් වංචා කරලා

විජයානි එදිරිසිංහ

ඛනිජ තෙල් සංස්ථාවේ රැකියා ලබාදෙන බව පවසමින් පසුගිය ආණ්ඩු කාලයේ රුපියල් කෝටි ගණනක් මුදල් ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට අහංගම පොලිසිය ඊයේ (10) සමත්ව තිබේ.

ඛනිජ තෙල් සංස්ථාවේ සේවය කරමින් මාධ්‍ය ආයතන ගණනාවක ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන අතරතුර මේ වංචාව සිදු කර ඇතැයි පොලිසිය පවසයි.

රවිදු දියගහගේ නැමැති මේ සැකකරුවා විශාල පිරිසකගෙන් රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කර තිබේ. මේ වන විට ලැබී තිබෙන පැමිණිලි අනුව රුපියල් කෝටියකට වඩා වංචා කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ලංකාව පුරාම විවිධ ප්‍රදේශවල අයට රැකියා සිහින ලබාදෙමින් මෙලෙස මුදල් උපයාගෙන ඇති මෙම වංචාකරුට අසුවූ තවත් තැනැත්තන් සිටී නම් ළඟම ඇති පොලිසියට පැමිණිලි කරන‍ ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ පුද්ගලයා එක් අයකු‍ට රැකියාවක් ලබා‍දීමට රුපියල් ලක්ෂ දෙකහමාරත් පහත් අතර ගණනක් ලබාගෙන තිබෙන අතර, අහංගම ප්‍රදේශයේ මෙන්ම කතරගම, බලංගොඩ, කෑගල්ල හා අනුරාධපුර වැනි ප්‍ර දේශවල අය‍ගෙන්ද මෙලෙස රැකියා සිහින පෙන්වා මුදල් ලබාගෙන තිබේ.

රවිදු දීයගහගේ නමැත්තාගේ පියාත් ප්‍රාදේශිය මාධ්‍යවේදියකු වන අතර ඔහුටද ජාතික හැඳුනුම්පත් දෙකක් ඇති බව අනාවරණය කර ගෙන ඇත. මේ සැකකරුගේ එක් සහෝදරියක්ද පුද්ගලයන් ලියාපදිංච් කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවය කරන බවට තොරතුරු හෙළිව තිබේ.

මේ වංචාකරු සම්බන්ධ‍යෙන් මාතර දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාටද පැමිණිලි කර තිබූ අතර, සැකකරු පිළිබඳ දීර්ඝ විමරශනයකින් පසු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අහංගම පොලිසිය විසින් පවත්වනු ලබයි.

නව අදහස දක්වන්න