චන්ද්‍රිකා වෙල්ගම සමගි ජන බලවේගයට | දිනමිණ


 

චන්ද්‍රිකා වෙල්ගම සමගි ජන බලවේගයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ එම පක්ෂයේ ප්‍රබල ක්‍රියාධරයෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමඟ ඊයේ (12) සන්ධානගත වූහ.

කොළඹ වෝටර්ස් එජ් හොටලයේදී සමගි ජන බලවේගය සමග ගිවිසුම් අත්සන් කරමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ කුමාර වෙල්ගම මහතා මෙසේ සන්ධානගත වූහ.

ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේදී ඔවුන් දෙදෙනාගේ සහාය සමගි ජන බලවේගයට ලබා දීමට නියමිතය.

ශිවන්ති ප්‍රනාන්දු

නව අදහස දක්වන්න