මැතිවරණ නීතියට අනුව පක්ෂයේ ලාංඡනය වෙනස් කළ නොහැකියි | දිනමිණ

මැතිවරණ නීතියට අනුව පක්ෂයේ ලාංඡනය වෙනස් කළ නොහැකියි

'උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත්කැලණියේ' යන්න සිතේ තබා ගනිමින් 'සමගි ජන බලවේගය' නමැති මල් වට්ටියට අත ගසන්නැයි තමන් රනිල් වික්‍රමසිංහ මහතාට ආයාචනය කරන්නේ යැයි හිටපු සභානායක හිටපු ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටී.

මැතිවරණ නීතියට අනුව පක්ෂයේ ලාංඡනය වෙනස් කළ නොහැකි බව දන්වන ඒ මහතා සමගි ජනබලවේගය අහම්බයක් නොවන බවත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය එය අනුමත කර ඇති බවත් පවසයි.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එසේ කියා සිටියේ ඊයේ (12) සිය නිවසේ පැවැත්වූ මාධ්‍ය හමුවකදිය.

තවදුරටත් අදහස් දැක්වු ඒ මහතා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය දුන් තීන්දුවකට අනුව නව පක්ෂය පිහිටුවා සජිත් ප්‍රේමදාස මහතා එහි නායකත්වයට පත් කළ බවත් කීය. තවදුරටත් අදහස් දැක්වූ ‍ඒ මහතා.

පළාත් පාලන මන්ත්‍රීවරුන් ලියුම් යවලා ඒ අය බය කරන්න බැහැ. 99% ක් අය ඉන්නේ 'සමගි ජනබලවේගය' සමඟයි. ඔවුන්ට අධෛර්ය නොවෙන්නැයි අපි ඉල්ලා සිටිනවා. මම නීතිඥයකු ‍හැටියට කියනවා ඔවුන්ගේ මන්ත්‍රී තනතුරු නැතිකරන්න කාටවත් බැහැ කියා.

පක්ෂයට වඩා අපේ දේශපාලන අරමුණු ප්‍රබලයි පොහොට්ටුව ඉවරයි කිව්වා ආරම්භයේදීම. නමුත් එහි අරමුණ සමඟ ජනතාව බැඳී සිටියා ඒ නිසා අද එය ජනබලවේගයක් වෙලා.

අකිලත් සමඟ මාස 03ක් සාකච්ඡා කළා. ඒ අනුවයි අපි සමගි ජනබලවේගය පිහිටුවා ඇත්තේ. අපි ඔවුන්ගෙන් ඉල්ලන්නේ එයට සම්බන්ධ වෙන්න කියලයි. ලාංඡනය වෙනස් කරන්න දැන් බැහැ.

මධ්‍යම පළාත් සමූහ 
නිහාල් ජයවර්ධන

නව අදහස දක්වන්න