එජාප සියලු පාර්ශ්ව එක් ලාංඡනයක් යටතේ තරග කිරීමට සාකච්ඡා | දිනමිණ

එජාප සියලු පාර්ශ්ව එක් ලාංඡනයක් යටතේ තරග කිරීමට සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂයේ දෙකඩ වී ඇති පාර්ශ්ව ඉදිරි මහ මැතිවරණයේදී එක් ලාංඡනයක් යටතේ තරඟ කිරීම සඳහා මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඊයේ (12) අනාවරණය කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාද සහභාගි වූ මාධ්‍ය හමුවේදී රාජිත සේනාරත්න මහතා මෙසේද පැවසීය.

දේශපාලනය යථාර්ථවාදී එකක් මිස න්‍යායධර්මයක් නෙමෙයි. ජනතාව අතේ තමයි මේ දේශපාලනයේ අවසානය තීරණය වෙන්නේ. ජනතාව කොතනද ඉන්නේ, එතන තමයි අවසාන දේශපාලන දර්ශනය තියෙන්නේ. ඒ නිසා අපි කතා කරගෙන යනවා දිගින් දිගටම, ඉතුරු අය සියල්ල ගෙනල්ලා, එක තැනක, එක මධ්‍යස්ථානයක, එක නායකයෙක් යටතේ, එක ලාංඡනයක් යටතේ, එක පාටක් යටතේ අපි ඔක්කොම එකට තරඟ කරන්න. ඒ නිසා ආණ්ඩුවේ අයගේ කැඩීම ස්ථිරයි. අපේ කැඩීම හරි ගස්සගෙන, අපි සාකච්ඡා කරලා, එක තැනකට උපරිමය අරගෙන අපි මේ සටන ගෙනියනවා.

ශිවන්ති ප්‍රනාන්දු

නව අදහස දක්වන්න