හැටන් නැෂනල් බැංකුව ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි | දිනමිණ

හැටන් නැෂනල් බැංකුව ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

සිය ව්‍යාපාර ආරම්භ කිරීමට හෝ පුළුල් කිරීමට අපේක්ෂා කරන සියලුම කාන්තාවන් සඳහා වන විශේෂ නිවේදනයක් සමඟ ශ්‍රී ලංකාවේ වඩාත් නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, 2020 අන්තර්ජාතික කාන්තා දිනය සමරනු ලැබීය

දිවයින පුරා සිටින බිම් මට්ටමේ නව ප්‍රවණතාවකින් යුතු කාන්තා ව්‍යවසායකත්වය දිරිමත් කිරීමේ අරමුණ ඇතිව 2020 අන්තර්ජාතික කාන්තා දිනයට පසුව එළඹෙන සතිය (මාර්තු 10-16 දක්වා) පුරා HNB සිය පුළුල් පාරිභෝගික සේවා මධ්‍යස්ථාන ජාලය පුරාම කාන්තා හිතකාමී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව ආයතන පිහිටුවීමට ප්‍රතිඥා දී ඇත.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ සිට ණයක් ලබා ගැනීම, මූල්‍ය සාක්ෂරතාවය ගොඩනැගීම මෙන්ම අපනයන අරමුණු කර ගත් ව්‍යාපාරයක් පිහිටුවීම ද වැනි සෑම දෙයක් පිළිබඳව උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු වන යම් කාන්තවකට ඕනෑමHNB HNB පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් හා සම්බන්ධ හෝ පිවිසිය හැකි අතර උපදේශන සේවා හා එක් එක් පුද්ගලයන් සඳහා වන සේවා ද මාර්තු මාසය තුළ සහතික කර ගත හැකිය

නව අදහස දක්වන්න