ජල විදුලි බලාගාර 12 කින් ලබා ගත් පැන් පාත්‍ර 12ක් ආශිර්වාද කර ශ්‍රී මහා බෝධිය වෙත පූජා කරති | දිනමිණ

ජල විදුලි බලාගාර 12 කින් ලබා ගත් පැන් පාත්‍ර 12ක් ආශිර්වාද කර ශ්‍රී මහා බෝධිය වෙත පූජා කරති

විදුලි බල හා බලශක්ති කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි විදුලි ජල බලාගාර 12 කින් ලබා ගත් ජලය පසුගියදා (12) අනුරාධපුර ස්වර්ණමාලි චෛත්‍ය වෙත රැගෙන විත් එහි තැන්පත් කර ආශිර්වාද කළ පැන් පාත්‍ර 12 දර්ශනීය පෙළහරකින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත රැගෙන විත් මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් පවත්වා සෙත් පිරිත් සජ්ජායනා කර අනතුරුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පූජා කිරීම පසුගියදා සිදුවිය.

කුකුළේ ගඟ,ඉහළ කොත්මලේ,බෝවතැන්න,උකුවෙල,කොත්මලේ,ඉගිනියාගල,කාසල්රී,මාඋස්සාකැලේ,වික්ටෝරියා,උඩවලව,සමනලවැව,රණ්දෙනිගල ජලාශවලින් මේ ජලය ලබාගෙන තිබූ අතර ,මේ අවස්ථාවට අටමස්ථානාධිපති පල්ලලේගම සිරි නිවාස නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි අටමස්ථාන මහා නාහිමිපාණන් වහන්සේලා සමඟ,විදුලි බල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා,රාජ්‍ය ලේකම් හේමන්ත සමරකෝන්.විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත්,උප සභාපති සමන්ත කුමාර,සාමාන්‍යාධිකාරී ඩී.ඒ.කරුණාරත්න,උතුරු මැද පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කේ.එස්.අයි.කුමාර,ඉංජිනේරු බුද්ධික මහත්ම මහත්මීන් සමඟ විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු විදුලි බල මණ්ඩලයේ නිලධාරීහු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

චිත්‍රාරත්න කළුආරච්චි හිදෝගම සමූහ

 


නව අදහස දක්වන්න