සිය‍ළු සිනමාහල් වසා දැමේ | දිනමිණ

සිය‍ළු සිනමාහල් වසා දැමේ

ජාතික චිත්‍රපට සංස්ථාව යටතේ පවතින සියළුම සිනමා ශාලා අද (14) සිට  තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය පවසයි. 
 
නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ අවදානම සැළකිල්ලට ගනිමින් විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇත.  
 
ඒ අනුව චිත්‍රපට සංස්ථාව යටතේ පවතින සියළුම සිනමා ශාලා අද සිට වසා තැබෙන අතර විවෘත කෙරෙන දිනය පසුව දැනුම්දෙන බව අමාත්‍යංශය සඳහන් කළේය.

නව අදහස දක්වන්න