පොදු ප්‍රවාහන සේවාවල විෂබීජ හරණයට වැඩපිළිවෙලක් | දිනමිණ

පොදු ප්‍රවාහන සේවාවල විෂබීජ හරණයට වැඩපිළිවෙලක්

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මගී ජනතාව ආරක්ෂා කර ගැනිම සදහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයට සහ කොටුව බස්නැවතුම්පළ වෙත පැමිණෙන මගීන්ට දෑත් සෝදා ගැනිමේ පහසුකම ලබාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
 
ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් අද (14) සිට මෙම පහසුකම සපයනු ඇත.
 
ජලය සහ දෑත් සේදිමට ගන්නා ද්‍රව්‍ය නොමිලේ ලබාදීමට කටයුතු කරන අතර වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා මගී ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බව ප්‍රවාහන අමාත්‍යාංශය සදහන් කරනු ලැබේ. 
 
මේ අතර අද  සිට පොදු ප්‍රවාහනයට යොදා ගන්නා බස් රථ සහ දුම්රිය විෂබීජහරණය කිරිමට ද රජය තීරණය කර තිබේ. ආරක්ෂක අංශවල සහය ඇතිව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇත.

නව අදහස දක්වන්න