කල්පි­ටියේ ඩොල්ෆින් නැරැ­ඹීම සති 2කට අත්හි­ටු­වයි | දිනමිණ

කල්පි­ටියේ ඩොල්ෆින් නැරැ­ඹීම සති 2කට අත්හි­ටු­වයි

 

කල්පිටියේ, ඩොල්ෆින් නැරැඹුම් සති දෙකක කාලයක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇතැයි කල්පිටිය වනජීවී අඩවි ආරක්ෂක මංජුල මොරතැන්න මහතා පවසයි. එළැඹි දිගු පාසල් නිවාඩුවත් සමඟ දේශීය සංචාරකයන්ගේ ඉහළ යෑමක් සිදුවිය හැකි බැවු පවසන ඒ මහතා කොරෝනා වෛරසය පැතිරීම මඬලීම සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ගයන්ට සහාය දැක්වීම සඳහා මේ තීරණය ගත් බැව් වැඩි දුරටත් පැවැසීය. කල්පිටියේ ඩොල්ෆින් නැරැඹුම් සමය පසු ගිය සැප්තැම්බර් මස උදා වූ අතර, මේ නැරැඹුම් අප්‍රියෙල් අග භාගය දක්වා දිවේ.
 කල්පිටිය සමූහ

 

නව අදහස දක්වන්න