තැපැල් ඡන්ද අයඳුම්පත් බාරගැනීම දීර්ඝ කරයි | දිනමිණ

තැපැල් ඡන්ද අයඳුම්පත් බාරගැනීම දීර්ඝ කරයි

තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීම හෙට(17) දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. එය අවසන් වීමට නියමිතව තිබුණේ අද(16) දිනයේදීය.
 
අද රජයේ නිවාඩු දිනයක් බැවින් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඇප මුදල් බාරගැනීම හෝ නාම යෝජනා බාරගැනීම සිදු නොකරන බව මැතිවරණ කොමිසම සදහන් කරයි. හෙට සහ අනිද්දා දින දෙකෙහි කාර්යාල වේලාවේ දී හා 19 දින පෙරවරු 8.30 සිට මධ්‍යහන 12.00 දක්වා ඇප මුදල් සහ නාමයෝජනා බාරගැනීම සිදු කෙරේ.
 
මැතිවරණ කොමිසම ඉල්ලා සිටින්නේ, කොරෝනා රෝගය පැතිරයාම නිසා නාම යෝජනා සහ ඇප මුදල් තැන්පත් කිරීමට පැමිණෙන පුද්ගලයින් සංඛ්‍යාව සීමා කරන ලෙසයි. මේ වන විට ස්වාධීන කණ්ඩායම් 150ක් ඇප මුදල් තැන්පත් කර තිබේ. 
 
පිළිගත් දේශපාලන පක්ෂ 8ක් මේ වන විට නාම යෝජනා බාර දී ඇත. මීට අමතරව ස්වාධීන කණ්ඩායම් 8ක් ද නාම යෝජනා බාරදී ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කළේය. 

නව අදහස දක්වන්න