කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාරය කළ 02ක් අත්අඩංගුවට | දිනමිණ

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාරය කළ 02ක් අත්අඩංගුවට

කොරෝනා වෛරසය පිළිබද අසත්‍ය තොරතුරු සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ මෙම සැකකරුවන් දෙදෙනා රාගම හා බණ්ඩාරගම ප්‍රදේශයන්හිදි අත්අඩංගුවට ගත් බවයි.
 
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙක් සැලුනයක සේවය කරනු ලබන අතර අනෙක් පුද්ගලයා ත්‍රිරෝද රියදුරෙකි.
 
මිට අමතරව එම සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරයන් සිදුකල පුද්ගලයින් 40 දෙනෙක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(16) පැවැති මාධ්‍ය හමුවකදී අජිත් රෝහණ මහතා පැවසීය. 
 

නව අදහස දක්වන්න