වඩේ කඩේට දඩ | දිනමිණ

වඩේ කඩේට දඩ

පාරිභෝගිකයන්ට අපිරිසිදු වඬේ අලෙවි කර මාවනැල්ල නගරයේ ඇති ජංගම වඬේ කරත්ත කිහිපයකට අධිකරණයට මගින් දඩ නියම කරයි.

මාවනැල්ල නගරයේ බස් නැතුම්පොළ ආශ්‍රිතව වඬේ කරත්ත 12ක් පමණ ඇත. මීට පෙර මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට සියලුම වඬේ කරත්ත හිමිකරුවන් කැඳවා පුහුණු වැඩසටහනක් සංවිධානය කර සෞඛ්‍යාරක්ෂිත ලෙස ආහාර පරිහරණය කරන ආකාරය පිළිබඳව දැනුවත් කර ඇත. නමුත් ඔවුන් ලබා දෙන ලද උපදෙස් අනුව කටයුතු නොකර, මහජන සෞඛ්‍යට හානිකර විය හැකි පරිදි කටයුතු කරන බවට නිතර මහජනතාව පැමිණිලි කර ඇත.

ඒ අනුව බස් නැවතුම්පොළ ආශ්‍රිතව වඬේ කරත්ත සියල්ල පරීක්ෂා කරනු ලැබූ මාවනැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක උපුල් ප්‍රියන්ත බණ්ඩාර සහ චමිල කස්තුරිආරච්චි යන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් ඉතාම අපිරිසිදු තත්වයෙන් පවත්වා ගෙන ගිය වඬේ කරත්ත 4 ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කර ඇත.

 

 මාවනැල්ල විශේෂ සමන් විජය බණ්ඩාර

නව අදහස දක්වන්න