කල්පිටියේ වෙරළ ඛාදනයක් | දිනමිණ

කල්පිටියේ වෙරළ ඛාදනයක්

කල්පිටිය අර්ධද්වීපයට අයත් දළුව සිට කල්පිටිය දක්වාවූ වෙරළ තීරය අධික ලෙස ඛාදනය වීමෙන් ධීවර කටයුතුවල නිරත ධීවරයන් දැඩි අපහසුතාවට ලක්ව ඇති බවට ඔවුහු මැසිවිලි නඟති.

මේ දිනවල පවතින අධික සුළං තත්ත්වය හමුවේ මුහුදු රළ යම්තාක් දුරට රළු ස්භාවයක් ගැනීම හේතුවෙන් වෙරළ දක්වා ගලා එන මුහුදු ජලයට වෙරළ ඛාදනය වීමක් සිදුවන බව පැවසේ.

තවද මාදැල් කර්මාන්තකරුවන් විසින් ට්‍රැක්ටැර් රථ යොදා ගනිමින් මාදැල් ඇදීම ඉවක් බවක් නොතකමින් සිදු කිරීම හේතුවෙන් ට්‍රැක්ටර් රථවල රෝද කැරකවීම නිසාවෙන් වෙරළ හරාගෙන වැලි පර කඩා විනාශවීම නිසාවෙන් මෙලෙස ශීඝ්‍ර ලෙස වෙරළ ඛාදනය සිදුව ඇති බව ඔවුහු පවසති.

මෙලෙස දිගින් දිගටම නීතිවිරෝධී ලෙස මාදැල් පන්න රක්ෂාව සිදු කළහොත් නුදුරේදී වෙරළාසන්නයේ පදිංචිකරුවන්ගේ නිවාස පවා මහ සයුරට බිලි වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවයි සාම්ප්‍රධායික ධීවරයෝ පෙන්වා දෙති.

 

 වනාතවිල්ලුව සමූහ කේ. ප්‍රියංකර කළුපහන

නව අදහස දක්වන්න