විදේශයන්හි සිට පැමිණි අය ගැන කියන්න නව දුරකථන අංක 05ක් | දිනමිණ

විදේශයන්හි සිට පැමිණි අය ගැන කියන්න නව දුරකථන අංක 05ක්

පසුගිය මාර්තු මස 01වනදා සිට 10වනදා දක්වා කාල සීමාවේදී දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් 548 දෙනෙක් මේ වන විට පොලිස් හදිසි දුරකථන අංකය ඔස්සේ ලියාපදිංචිවී ඇතැයි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.
 
නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ එම මේ සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට තොරතුරු ලබාදෙමින් දුරකථන ඇමතුම් 3000ක් පමණ ලැබී ඇති බවය.
 
කෙසේ වුවත් අංක 119 හදිසි දුරකථන අංකයට අමතර විශේෂ දුරකථන 05 ක් සහ ඊමේල් ලිපිනයක් පොලිසිය විසින් හඳුන්වා දී ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කලේය. 
 
ඒ අනුව 0112444480 / 0112444481 / 0115978720 / 0115978730 / 0115978734 අංක ඔස්සේ සහ ඊමේල් ලිපිනය [email protected] ඔස්සේ තොරතුරු ලබාදිය හැකිය.
 

නව අදහස දක්වන්න