O/L විභාග ප්‍රතිඵල ප්‍රමාද විය හැකියි | දිනමිණ

O/L විභාග ප්‍රතිඵල ප්‍රමාද විය හැකියි

ලබන 28 වනදා නිකුත් කිරීමට නියමිතව තිබූ අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබාදීම ප්‍රමාද විය හැකි බව විභාග දෙපාර්තමේන්තුවෙ සදහන් කරයි. දින තුනක නිවාඩුවක් ප්‍රකාශයට පත්කර තිබීම ඊට හේතුව වේ.
 
මේ අතර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම්පත් ඉදිරිපත් කිරීමට විදුහල්පතිවරුන්ගේ සහතික කර ගැනීමට අවශ්‍ය අපේක්ෂකයින්ට ලබන 27 වනදා සිට අප්‍රේල් 19 වනදා දක්වා කාලය තුළ අදාළ පාසල් වෙත පැමිණෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.
 
එම කාලවකවානුව තුළ සිසුන්ට අදාළ අයැදුම්පත් සහතික කර ගැනීමට අවශ්‍ය කටයුතු සළසා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත.
 

නව අදහස දක්වන්න