Thursday, මාර්තු 19, 2020 - 01:00
කොරොනා වසංගත තත්ත්වය නිසා බලපිටිය මාදු ගඟේ සංචාරක බෝට්ටු ධාවනය තාවකාලිකව පෙරේදා (17) සිට සති දෙකකට පමණ නතර කිරීමට බලපිටිය මාදු ගඟ සංචාරක බෝට්ටු හිමියන්ගේ සංගමය තීරණය කර ඇති බව එහි සභාපති ප්රදීප් චන්දන මහතා පවසයි. මේ දිනවල දේශීය හා විදේශීය සංචාරකයන් විශාල පිරිසක් මාදු ගඟේ සංචාරය සඳහා පැමිණෙන බැවින් ඇතිවී තිබෙන තත්ත්වය අනුව මේ පියවර ගත් බව වැඩිදුරටත් සභාපතිවරයා කීය, මේ අතර මේ සංචාරක බෝට්ටු ජීවානුහරණය කිරීමටද කටයුතු කරන බව සංචාරක බෝට්ටු හිමියන්ගේ සංගමය කියයි.
කරන්දෙණිය සමූහ- අනුරාධ ප්රියදර්ශන
නව අදහස දක්වන්න