නාමයෝජනා බාර ගැනීම අද අවසන් | දිනමිණ

නාමයෝජනා බාර ගැනීම අද අවසන්

මහා මැතිවරණයට අදාළ නාමයොජනා භාර ගැනීම් අද (19) මධ්‍යහන 12.00 න් අවසන් කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සදහන් කළේය.

නාම යෝජනා භාර ගැනීම් ඉකුත් 12 වෙනිදා ආරම්භ කළ බවද සමන් ශ්‍රී රත්නායක මහතා පැවැසීය. අද (19) දහවල් 12.00 ට නාමයෝජනා භාර ගැනීම් නිමවීමෙන් අනතුරුව විරෝධතා දැක්වීමට අවස්ථාවක් ලැබෙන බවත් අනතුරුව පිළිගත් නාමයෝජනා ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධ කරන බවත් සමන් ශ්‍රී රත්නායක මහතා සදහන් කළේය.

මහා මැතිවරණය දැනට නියමකරගෙන ඇති අකාරයට ලබන අප්‍රේල් 25 වෙනිදා පැවැත්වීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

 ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න