ලොකු ලූනු රු 150යි | දිනමිණ

ලොකු ලූනු රු 150යි

වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (18) සිට ලොකු ලුනු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 150 දක්වා අඩුකර ඇතැයි පාරිභෝගික අධිකාරිය පවසයි. මෙයට පෙර ලොකු ලුනු කිලෝවක උපරිම සිල්ලර මිල පැවතියේ රුපියල් 190 ක් ලෙසයි. මේ අතර පරිප්පු කිලෝව රුපියල් 65 කටත් ග්‍රෑම් 425 ප්‍රමාණයේ ටින් මාලු රුපියල් 100 කට හා ලොකු ලූනු කිලෝව රුපියල් 150 කට ද ලංකා සතොස අලෙවිසල් මගින් ඊයේ (18) සිට මිලදී ගත හැකි බව ලංකා සතොස ප්‍රධාන විධායක නිලධාරිවරයා පැවසීය.

 

 නුවන් කොඩිකාර සහ සුභාෂිණී සේනානායක

නව අදහස දක්වන්න