දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් ස්වයං නිරෝධායනයට | දිනමිණ

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් ස්වයං නිරෝධායනයට

දකුණු අප්‍රිකානු පිලේ නායක ක්වින්ටන් ඩි කොක් ඉන්දීය සංචාරය අවලංගු කිරීමෙන් පසුව යළි සිය රට බලා පිටත්වීමට පෙර ඉන්දියාවේ කල්කටා නුවරදි සිරුරේ උෂ්ණත්වය මැන බැලීමේ පරික්ෂණයට ලක්වූ අයුරු.

ඉන්දීය සංචාරය අතරමග අවලංගු කර නැවත සිය රට බලා පැමිණි දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ සියළු සාමාජිකයන්ට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනට යොමු කිරීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණු අතර දෙවැනි හා තුන්වැනි තරග කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම මත අවලංගු විය.

කොරෝනා වෛරසයේ අවදානම පහවී යනු ඇතැයි බලාපොරොත්තුවෙන් මේ සංචාරය ක්‍රියාත්මක වූ බවත්, පසුව එහි ලොව පුරා එම වසංගතය පැතිරයාම හේතුවෙන් තරගාවලිය අවලංගු කිරීමට සිදුවූ බවත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

සිය ක්‍රීඩකයන්ගේ මානසික තත්ත්වය සැළකිල්ලට ගෙන ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව ද අවධානය යොමු කරමින් ඉන්දීය සංචාරයට එක්වූ ක්‍රීඩකයන්ට එසේ ස්වයං නිරෝධායන වන ලෙස උපදෙස් ලබා දී තිබේ.

 

නව අදහස දක්වන්න