මාතර නව දිස්ත්‍රික් රෝහලට විශේෂ වාට්ටුවක් | දිනමිණ

මාතර නව දිස්ත්‍රික් රෝහලට විශේෂ වාට්ටුවක්

කොරෝනා රෝග ලක්ෂණ පවතින බවට හඳුනා ගන්නා රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර ලබාදීම සඳහා මාතර නව දිස්ත්‍රික් රෝහලට විශේෂිත කොරෝනා වාට්ටුවක් ආරම්භ කිරීම පසුගියදා සිදුවිය.
 
ඒ අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙනි.
 
මෙම අවස්ථාවට හිටපු තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර, මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උපාලි කරුණාරත්න සහ මාතර රෝහලේ අධ්‍යක්ෂ මල්කාන්ති මැදිවක ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.

නව අදහස දක්වන්න