එමිරේට්ස් ගුවන් සේවය මෙරට සමඟ සිදුකෙරෙන ගුවන් ගමන් අත්හිටුවයි | දිනමිණ


 

එමිරේට්ස් ගුවන් සේවය මෙරට සමඟ සිදුකෙරෙන ගුවන් ගමන් අත්හිටුවයි

ශ්‍රී ලංකාව සමඟ සිදුකෙරෙන ගුවන් ගමන් මෙහෙයුම් සියල්ල එමිරේට්ස් ගුවන් සේවය විසින් ඊයේ (24) රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවනු ලැබුවේය.
 
ඒ ශ්‍රී ලංකාව ගුවන් මගීන්ට පනවා ඇති තහනම සැලකිල්ලට ගනිමින්ය. ඒ අනුව ඊයේ (24) රාත්‍රී 9.55 ට එමිරේට්ස් ගුවන් සේවයේ අවසන් යානය කටුනායක සිට ඩුබායි බලා පිටත්ව ගියේය. මේවන විට බොහෝ විදෙස් ගුවන් ගමන් සේවා ශ්‍රී ලංකාව සමග සිදු කරන සිය මෙහෙයුම් අත්හිටුවීමට පිියවර ගෙන තිබේ.

නව අදහස දක්වන්න