ඉතාලියේ ශ්‍රී ලාංකිකයෙක් මිය ගිය කතාව තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කරයි | දිනමිණ


 

ඉතාලියේ ශ්‍රී ලාංකිකයෙක් මිය ගිය කතාව තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කරයි

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකියෙක් කොරෝනා වෛරසයට ගොදුරු වී ජීවිතක්ෂයට පත්ව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කතාව ප්‍රතික්ෂේප කරන බව ඉතාලියේ රෝම තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති සිසිර සෙනෙවිරත්න මහතා පවසයි. 
 
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් තවදුරටත් තානාපති කාර්යාලය තොරතුරු විමර්ෂණය කරමින් සිටියි. 
 
මේ අතර වෛරසය ආසාදනය වූ බවට සැකපිට සිටින ශ්‍රී ලාංකිකයින් 07දෙනෙකු මේවන විට එරට නිරෝධායන මධ්‍යස්ථාන තුළ එම ක්‍රියාවලියට යොමු කර ඇතැයි ද ඒ මහතා කියා සිටියේය. 

නව අදහස දක්වන්න