ගෝලීය කොරෝනා වසංගතය පැතිරීම වේගවත් - WHO | දිනමිණ

ගෝලීය කොරෝනා වසංගතය පැතිරීම වේගවත් - WHO

ගෝලීය කොරෝනා වෛරස් වසංගතය පැතිරීම වේගතවත් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ඇඩනොම් පවසයි.

පසුගිය කාලයේ වෛරසය පැතිර ගිය රටාව සම්බන්ධයෙන් කළ අධ්‍ය්‍යනයට අනුව සමස්ත ආසාදිතයන් ගණන ලක්ෂය සම්පූර්ණ වීමට දින 67ක් ගතවී තිබූ අතර දින 11ක් තුළ එම ගණන දෙලක්ෂය බවට පත්ව තිබුණි.

සමස්ත ආසාදිතයන් ගණන දෙලක්ෂයේ සිට තුන්ලක්ෂය දක්වා ඉහළ ගොස් තිබුණේ දින 4ක් ඇතුළතය.

නව අදහස දක්වන්න