අමෙරිකාව කොරෝනා වසංගතයේ මීළඟ මධ්‍යස්ථානය වීමේ අවදානමක් | දිනමිණ

අමෙරිකාව කොරෝනා වසංගතයේ මීළඟ මධ්‍යස්ථානය වීමේ අවදානමක්

අමෙරිකා එක්සත් ජනපදය කොරෝනා වයිරස් වසංගතයේ මීළඟ මධ්‍යස්ථානය බවට පත්විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
 
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව්‍යාපාරික කටයුතු සඳහා රට නැවත විවෘත කිරීම ගැන කතා කළත් එහි සංඛ්‍යාව ඉක්මණින් ඉහළ යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇගවීමක් සිදු කර ඇත.
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකාවක් වන මාග්‍රට් හැරිස් පවසා ඇත්තේ, වසංගතයේ කේන්ද්‍රය බවට පත්වීමේ හැකියාව එයට ඇති බවයි.
 
මේ අතර, මැයි මැද භාගය වන විට මිලියනයකට අධික පිරිසකට ආසාදනය විය හැකි බවට පර්යේෂකයන් අනතුරු ඇඟවීමෙන් පසුව,  අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ලොව විශාලතම ජනගහනය සහිත දෙවන රට වන ඉන්දියාව දින 21 ක් වසා දැමීමට නියෝග කළේය.

නව අදහස දක්වන්න