කොන්ත්‍රාත් ගිවිසුමට ස්ටේන් නෑ | දිනමිණ


 

කොන්ත්‍රාත් ගිවිසුමට ස්ටේන් නෑ

නිරෝෂන් ප්‍රියංකර

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විසින් එරට ක්‍රීඩකයන්ට ලබාදුන් වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන්ට අහිමි වී තිබේ.කෙසේ වෙතත් වේග පන්දු යවන නවක ක්‍රීඩක බියුරන් හෙන්ඩ්‍රික්ස් පළමු වරට ගිවිසුමට ඇතුළත් වීම විශේෂත්වයකි.

පසුගිය වසරේ ජාත්‍යන්තර එක්දින පිටියට පිවිසි බියුරන් එක්දින තරග 7කට සහ ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර තිබේ. ඔහු 2014 වසරේ සිට මේ දක්වා විස්සයි 20 තරග 13කට ක්‍රීඩා කළේය.

ඇන්රිච් නෝර්ට්ජේ, ඩ්වේන් ප්‍රිටෝරියස් සහ රාසි වැන් ඩර් ඩුසෙන්ද කොන්ත්‍රාත් ගිවිසුමට ඇතුළත්ව ඇති අතර තියුනිස් ද බ්‍රයන්ටද ගිවිසුම අහිමිවී ඇත. හෂීම් අම්ලා සහ වර්නන් ෆිලෙන්ඩර් ජාත්‍යන්තර පිටියට සමුදීම හේතුවෙන් ගිවිසුමෙන් ඉවත්කර තිබේ.

දිගින් දිගටම ආබාධවලට ලක් වෙමින් සිටින 36 හැවිරිදි ස්ටේන්ගේ ඉදිරි ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ගිවිසුම අහිමිවීමෙන් ද දැඩි අවදානමකට පත්ව ඇතැයි ක්‍රීඩා විචාරකයෝ පෙන්වා දෙති.

ටෙස්ට් තරග 93කදී කඩුලු 439ක් බිඳ හෙලා ඇති ස්ටේන් එක්දින තරග 125කදී කඩුලු 196ක් සහ විස්සයි 20 (තරග 47) කඩුලු 64ක් දවා ගැනීමට සමත්ව තිබේ.

ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලානය, දකුණු අප්‍රිකාවේ සත්කාරකත්ව⁣යෙන් පැවැත්වෙන ශ්‍රී ලංකාව (ටෙස්ට්), ඔස්ට්‍රේලියාව (ටෙස්ට්), පාකිස්තානය (විස්සයි 20)බසහ ඉන්දියාව (විස්සයි 20) තරගාවලි මෙන්ම ශ්‍රී ලංකා හා බටහිර ඉන්දීය කොදෙව් රටවල තරග සංචාරයන් ද මේ ගිවිසුමට වලංගු වෙයි.

ආවරණය කරනු ඇත.

ගිවිසුම්ගත වූ ක්‍රීඩකයෝ : ටෙම්බා බාවුමා, ක්වින්ටන් ඩි කොක්, ෆෆ් ඩු ප්ලෙසිස්, ඩීන් එල්ගාර්, බියුරන් හෙන්ඩ්‍රික්ස්, රීසා හෙන්ඩ්‍රික්ස්, කේෂව් මහරාජ්, අයිඩන් මාක්‍රම්, ඩේවිඩ් මිලර්, ලුන්ගි එන්ගිඩි, ඇන්රිච් නෝර්ට්ජේ, ඇන්ඩිලේ ෆෙලුක්වායෝ, ඩ්වේන් පිටෝරියස්, කගීසෝ රබාඩා, ටබ්‍රායිස් ෂම්සි, රාසි වැන් ඩර් ඩුසෙන්.

 

නව අදහස දක්වන්න