නිරෝධායනයට ලක්කළ 144දෙනෙක් අද නිවෙස්වලට | දිනමිණ


 

නිරෝධායනයට ලක්කළ 144දෙනෙක් අද නිවෙස්වලට

කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමඟ නිරෝධායනය අවසන් වූ තවත් පුද්ගලයන් 201දෙනෙකු කන්දකාඩු හා පූනානි නිරෝධායන මධ්‍යස්ථානවලින් අද(25) පිටත්ව ගියේය.
 
ඔවුන් පිටව ගියේ නිරෝධායනය කළ දෙවන කණ්ඩායම ලෙසය.
 
ඉතාලියේ හා කොරියාවේ සිට මෙරටට පැමිණි මෙම පිරිස අතුරින් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී පූර්ණ නිරෝධායනට ලක් වූ පුද්ගලයන් 144දෙනෙකු එම මධ්‍යස්ථානයෙන් අද පිටත්ව ගියේය.
 
එසේම  පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් 57දෙනෙකු පිටත්ව ගිය අතර කුඩාදරුවෙකුට උණ ආසාධනය විම හේතුවෙන් ඔවුන් යළි හරවා යැවිණ.
 
ඔවුන් සෞඛ්‍යාරක්‍ෂිත පුද්ගලයන් ලෙස සමාජ ගත කිරීමට මේ අනුව යුද හමුදාවට හා සෞඛ්‍ය අංශවලට හැකි වී තිබේ.
 
මේ අතර විදේශයන් හි සිට මෙරටට පැමිණි පසු නිරෝධායනය කළ පළමු කණ්ඩායම ලෙස පුද්ගලයන් 311 දෙනෙකු ඊයේ(24) නිවෙස් බලා පිටත්ව ගියේය.

නව අදහස දක්වන්න