ඇඳිරිනීතිය උල්ලංඝනය කළ 3000ක් අත්අඩංගුවට | දිනමිණ


 

ඇඳිරිනීතිය උල්ලංඝනය කළ 3000ක් අත්අඩංගුවට

ඇඳිරිනීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 3000 ක් පමණ ඊයේ (25) සවස් වන විට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණි.

එම පුද්ගලයින් ඇඳිරි නීතය පැවැති කාලය තුළ නිකරුණේ ගමන් බිමන් යාම සදහා යොදා ගත් වාහන ද 1000 ක් පමණ පොලිස් භාරයට ගෙන තිබේ. එම වාහන අතර වැඩි ප්‍රමාණයක් ඇත්තේ ත්‍රී රෝද රථ සහ යතුරු පැදි බව පොලීසිය සදහන් කරයි.

ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් ඊයේ (25) උදෑසන විට පුද්ගලයින්2700 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණු බව පොලිස් නීති අංශ ප්‍රධානී නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය. ඒ කාලය තුළ වාහන ද 715 ක් පොලිස්භාරයට ගෙන තිබුණු බව ද ඔහු කීය.

බොහෝ අය නිකරුණේ මාර්ගයේ ගමන් කිරීම් හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත් ව තිබෙන බව ද ඔහු පැවැසීය.

ඇඳිරි නීතිය පවතින කාලය තුළ හෝ ඇඳිරි නීතිය ඉවත් කළ කාලය තුළ කිසිඳු හේතුවක් මත දිස්ත්‍රික් දෙකක් අතර ගමන් කිරීමට ඉඩ නොදෙන බව ද අජිත් රෝහණ මහතා වැඩි දුරටත් පැවැසීය.

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න