ඉතාලියේ කිසිම ශ්‍රී ලාංකිකයෙකුට කෙරෝනා ආසාදනය වීදැයි තහවුරුව නැහැ | දිනමිණ


 

ඉතාලියේ කිසිම ශ්‍රී ලාංකිකයෙකුට කෙරෝනා ආසාදනය වීදැයි තහවුරුව නැහැ

මහින්ද අලුත්ගෙදර

විදේශ සබඳතා අමාත්‍යාංශය

ඉතාලියේ වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට කොවිඩ් 19 හෙවත් නව කෙරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව විදේශ සබඳතා අමාත්‍යාංශය අවධාරණය කරයි.

එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මෙම වෛරසය ආසාදනය වී ඇති බවට මාධ්‍ය වාර්තා පළවූ නමුත් සැක කෙරෙන ශ්‍රී ලාංකිකයින් සිටිනවාද යන්න මෙතෙක් ඉතාලියේ රෝහල්වලින් තහවුරු කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය මහත්මිය දිනමිණට පැවසුවාය .

මේ සම්බන්ධයෙන් ඉතාලියේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලය හරහා නිරන්තරයෙන් සොයා බලන බවද මේ අතර නව කෙරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා පළවූ නමුත් එයද අසත්‍ය බවද ඇය පෙන්වා දුන්නාය.

කෙසේ වුවද වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයන් ඉතාලියේ සිටින්නේ ද යන්න සම්බන්ධයෙන් විදේශ සබඳතා අමාත්‍යාංශය මගින් සොයා බලමින් සිටින බවද එම අමාත්‍යාංශය කියයි.

නව අදහස දක්වන්න