චිනයට කොරෝනා පිට හැන්ටා එයි | දිනමිණ


 

චිනයට කොරෝනා පිට හැන්ටා එයි

චීනය කොරියාව හා යුරෝපා රටවල් තුළ මීට පෙර මතු ව පසුව යටපත් වූ Hanta virus රෝගී තත්ත්වයෙන් පෙළෙන බවට සැක කරන පුද්ගලයන් චීනයේ යුනාන් ප්‍රාන්තයෙන් සොයාගෙන ඇත. දැනටමත් එක් රෝගියකු මිය ගොස් ඇති අතර තවත් තිස් දෙදෙනෙකු පමණ රෝගී තත්ත්වය ආසාදනය වී සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම රෝගය මීයන් කාණ්ඩයේ සත්ත්වයින්ගෙන් බෝ වන අතර මීයන්ගේ මළ මුත්‍රා හෝ කෙළ තැවරුණු පෘෂ්ඨයන් ස්පර්ශ කිරීම, හෝ මීයන්ගේ මළ මුත්‍රා වලින් අපවිත්‍ර වු ජලය ආහාර හරහා රෝග කාරක වෛරසය මිනිස් සිරුර තුළට ඇතුලත් වීමෙන් රෝගී තත්ත්වය ඇති වන බව සදහන් වේ. එහි ප්‍රධාන ලක්ෂණ ද covid-19 රෝග ලක්ෂණ වලට සමානය. ස්වසන අපහසුතාවය ප්‍රධාන වන අතර රෝගී ප්‍රබලතාවය අනුව රෝගියාගෙ ස්වසන අපහසුතාවය හෝ වකුගඩු අක්‍රියතාවය මත මිය යාම සිදු විය හැක.මෙම රෝගය ශ්‍රී ලංකාව තුළ පවතින මී උණට සමාන රෝගයක් වන අතර මුල් අවස්ථාවේදී ම හඳුනා ගන්නේ නම් ඖෂධීය වෛද්‍ය ප්‍රතිකාර මඟින් සුවපත් කිරීමේ හැකියාව පවතී.

චීනය පුරා මෙම රෝගී තත්ත්වය ද ව්‍යාප්ත වීමේ අවදානමක් මෙම අවස්ථාවේ දී මතු විය හැකි බවට දැනටමත් ජාත්‍යන්තර සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත.

මෙම රෝග ජාත්‍යන්තර වශයෙන් පැතිර යා හැකි ප්‍රධානම ක්‍රමයක් වන්නේ නැව් වල සිටින මීයන් මඟින් රටකින් රටකට රෝගය ගමන් කිරීම තුළිනි. එබැවින් මෙම රෝගි තත්වය පාලනයේදී ද ගුවන්තොටුපල සහ වරායවල් නිරෝධායනය ප්‍රමුඛතම කාරයකි.

ක්‍රිසන්ති විතාරණ

නව අදහස දක්වන්න