කොතලාවල-කළුබෝවිල රෝහල් විස බීජ හරණයට | දිනමිණ


 

කොතලාවල-කළුබෝවිල රෝහල් විස බීජ හරණයට

රක්ෂණ ශ්‍රියන්ත

නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨ රෝහල සහ කළුබෝවිල ශික්‍ෂණ රෝහල කේන්ද්‍ර කර ගනිමින් විස බීජ හරණ වැඩසටහනක් පෙරේදා (24) ක්‍රියාත්මක කර තිබේ.

මහජනතාව ගැවසෙන පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් මත නාවික හමුදාව මේ වන විට විස බීජ හරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටියි. ඒ අනුව පෙරේදා ( 24) බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ බටහිර නාවික විධානයේ නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical,Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය විසින් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨ රෝහල සහ කළුබෝවිල ශික්‍ෂණ රෝහල කේන්ද්‍ර කර ගනිමින් විස බීජ හරණය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. මෙහිදී දෛනිකව මහජනතාව බොහෝ පිරිසක් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන මෙම රෝහල් පරිශ්‍රයන් හි සියලු ස්ථාන ආවරණය වන පරිදි විස බීජ හරණය නියමිත ක්‍රියා පටිපාටියට අනුව සිදු කර ඇත.

තවද ඉදිරියේදී ද වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා මහජනතාව ගැවසෙන පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විස බීජ හරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව සූදානමින් සිටී.

නව අදහස දක්වන්න