වසර 21 රට ආපස්සට නොයැවීමට දින 21ට ඉන්දියාව වැසුවා - මෝදි | දිනමිණ


 

වසර 21 රට ආපස්සට නොයැවීමට දින 21ට ඉන්දියාව වැසුවා - මෝදි

ඉන්දියාව සම්පූර්ණයෙන් වසා දමමින් දින විසි එකක් පුරා කිසිවකුට නිවෙස්වලින් බැහැර වීම තහනම් කිරීමට අගමැති නරේන්ද්‍ර මෝදි තීරණය කළේය. ඒ අනුව පෙරේදා (24) රාත්‍රී 12.00 සිට මෙය ක්‍රියාත්මක වේ. ඉන්දියාව බේරා ගැනීමට, සෑම පුරවැසියෙක්ම බේරා ගැනීමට මෙම තීරණය ගන්නා බව පැවසූ අගමැතිවරයා කියා සිටියේ මෙම දින 21 තුළ නිසි ලෙස කළමනාකරණය කර නොගතහොත් මුළු රටම වසර 21ක් ආපස්සට යනු ඇති බවයි.

මේ පිළිබඳව ජාතිය අමතමින් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ කලබල නොවන බවයි. එසේ වුවත් මේ නිවේදනයත් සමඟ කලබලයට පත් ජනතාව අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා නගර කරා රැස් විය.

ඉන්දියාවෙන් මේ වන විට කොවිඩ් 19 ආසාදිතයන් 562 ක් සහ මරණ 11ක් වාර්තා වේ.

නව අදහස දක්වන්න