අමෙරිකාවේ ආසාදිතයින් ගණන ලක්ෂය පනී | දිනමිණ

අමෙරිකාවේ ආසාදිතයින් ගණන ලක්ෂය පනී

අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 102,396 ක් වන අතර මිය ගිය සංඛ්‍යාව 1607 කි.

මේ අතර අමෙරිකානු ඉතිහාසයේ විපතකදී වෙන් කෙරුණු විශාලතම මුදල් ප්‍රමාණය සඳහා වන කෙටුම්පතට ජනපති ඩොනලඩ් ට්‍රම්ප් අත්සන් තැබී ය.

එහි වටිනාකම ඩොලර් ට්‍රිලියන 2 කි.

කෙටුම්පත සඳහා දින දෙකකට පෙර සෙනේට් මණ්ඩල අනුමැතිය හිමි විය.

මේ අතර කොරෝනා ව්‍යාප්තිය ආරම්භයේ සිට දිනකදී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ ඉතාලියෙන් සටහන් වී තිබේ.

ගතවූ පැය 24 තුළ පමණක් ඉතාලියේ මිය ගිය සංඛ්‍යාව 919 කි.

ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 9134 දක්වා ඉහළ ගොස් ඇති අතර 86,000 ට අධික ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වේ.

කොරෝනා වෛරසයෙන් යුරෝපයේ වැඩිම බලපෑමට ලක්ව ඇති රට ඉතාලිය වන අතර මේ වන විට එරට සියලු කටයුතු අක්‍රීය කර ඇත්තේ අප්‍රේල් 3 වැනිදා දක්වායි.

ස්පාඤඤය, යුරෝපයේ දෙවැනි වැඩිම බලපෑමට ලක්ව ඇති රට වේ.

එරටින් කොරෝනා මරණ 5138 ක් වාර්තා වන අතර ආසාදිතයින් සංඛ්‍යාව 65719 කි.

මේ අතර ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ද සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ.

මේ වන විට සමස්ත මරණ සංඛ්‍යාව 27, 250 ක් වන අතර ආසාදිතයින් සංඛ්‍යාව 594,377 කි.

නව අදහස දක්වන්න