ජර්මනියේ ප්‍රාන්ත මුදල් අමාත්‍යවරයෙකු සියදිවි නසාගනී | දිනමිණ


 

ජර්මනියේ ප්‍රාන්ත මුදල් අමාත්‍යවරයෙකු සියදිවි නසාගනී

ජර්මනියේ හෙසෙ ප්‍රාන්තයේ මුදල් අමාත්‍ය තෝමස් ෂෙෆර් සියදිවි නසාගෙන තිබේ. ජර්මන් චාන්ස්ලර් ඇන්ජෙලා මර්කල්ගේ ක්‍රිස්තියානි ප්‍රජාත්නත්‍රවාදී පක්ෂයේ සාමාජිකයෙකු වූ 54 හැවිරිදි මෙම අමාත්‍යවරයාගේ සිරුර ෆ්‍රැන්ක්ෆර්ට් නගරය ආසන්නයේ දුම්රිය මාර්ගයක් අසළ තිබී සොයාගෙන ඇත.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් හෙසෙ ප්‍රාන්තයට සිදු වූ ආර්ථික බලපෑම ඔහුගේ සියදිවි නසා ගැනීමට හේතු වී ඇති බවට ජර්මනියේ මාධ්‍ය වාර්තා කරයි. එරට ආර්ථික මධ්‍යස්ථානය ලෙස සැලකෙන ෆ්‍රැන්ක්ෆර්ට් නගරය පිහිටා ඇත්තේද හෙසෙ ප්‍රාන්තය තුළය. වසර 10ක් එම ප්‍රාන්තයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇති තෝමස් ෂෙෆර් අමාත්‍යවරයා 'දිවා රෑ නොබලා' හෙසෙහි ආර්ථිකය වෙනුවෙන් කැප වූ අයෙකු බව ඔහු නියෝජනය කරන ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සඳහන් කරයි.

 

නව අදහස දක්වන්න