ජපානය හැදූ අවිගන් ශ්‍රී ලංකාවට | දිනමිණ


 

ජපානය හැදූ අවිගන් ශ්‍රී ලංකාවට

කොරෝනා රෝගීන්ට ලබාදීම සඳහා ජපානයේ නිෂ්පාදනය කළ අවිගන් ඖෂධය මේ වනවිට දිවයිනට රැගෙනවිත් ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
 
කෙසේ වෙතත් අදාල ඖෂධය කොරෝනා ආසාදිත රෝගීන් සඳහා භාවිත කළහැකි ද යන්න පිළිබඳ තහවුරු කර ගෙන නොමැත. එය තවදුරටත් පරික්ෂණ මට්ටමේ පවතින බව වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.

නව අදහස දක්වන්න