හැරී කුමරුට ආරක්ෂාව දෙන්න අමෙරිකාවට නොහැකියි | දිනමිණ


 

හැරී කුමරුට ආරක්ෂාව දෙන්න අමෙරිකාවට නොහැකියි

තමන් කෙතරම් එංගලන්තයේ මහ රැජිනට සහ රජ පවුලට ළැදි වුවත් අමෙරිකාවේ පදිංචියට එන රාජකීය තනතුරුවලින් ඉවත් වූ හැරී කුමරු සහ මේගන් ට ආරක්ෂාව සැපැයීමේ වියදම් දැරීමට අමෙරිකාවට නොහැකි බව අ‍මෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. මේ අතර මහජන මුදලින් තම ආරක්ෂාව සලසා ගැනීමට අදහසක් නොමැති බව ඒ යුවල ප්‍රකාශ කර ඇත.

ඉකුත් මාර්තු 31 වැනිදා මේ දෙදෙන රාජකීය රාජකාරී සහ මහ රැජින වෙනුවෙන් ඉටු කරන රාජකාරී අත්හැරියේ තමන්ට උරුමව තිබූ ජ්‍යේෂ්ඨ රාජකීය තනතුරු ද අත්හරිමිනි. ඉන්පසු කැනඩාවේ පදිංචියට ආ හැරී සහ මේගන් යුවල අනතුරුව අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි මේගන්ගේ නිවසට පැමිණීමට තීරණය කර ඇත. මේ ගැන අදහස් පළ කරන දෙපළගේ මාධ්‍ය ප්‍රකාශකයකු කියා ඇත්තේ ආරක්ෂාව සඳහා අමෙරිකානු රජයෙන් අරමුදල් අපේක්ෂා නොකරන අතර ඒ සඳහා පෞද්ගලිකව අරමුදල් සපයා ගන්නා බවයි.

නව අදහස දක්වන්න