සෞඛ්‍ය අංශයට උපහාර ලෙස වෝනර් හිස මුඩු කරයි කෝලිටත් අභියෝගයක් | දිනමිණ

සෞඛ්‍ය අංශයට උපහාර ලෙස වෝනර් හිස මුඩු කරයි කෝලිටත් අභියෝගයක්

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ඊයේ මුළුමනින්ම හිස මුඩු කරමින් විසිහතර පැය පුරා අවිවේකිව කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් සේවය කරන සිය රටෙහි සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ට හා සේවකයන්ට සහයෝගය පළ කළේය. ඔහු හිස මුඩු කරගන්නා අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ඉන්ස්ටර්ග්‍රෑම් අන්තර්ජාල වෙබ් අඩවියට මුදා හරිමින් වෝනර් මේ බව ප්‍රකාශ කළේය.

එපමණක් නොව ඉන් නොනැවතී ඔහු ලෝක ප්‍රකට තවත් ක්‍රීඩකයන් රැසකට හිස මුඩු කරගැනීමට අභියෝග කළේය. ඔහු මේ අභියෝගයට ප්‍රධාන වශයෙන්ම ඉලක්ක කර ඇත්තේ ඉන්දීය පිලේ නායක විරාත් කෝලිය. ක්‍රිකට් පිටියේ සුපිරි ධනවතකු වන කෝලි සහ ඔහුගේ බිරිය අනුෂ්කා ෂර්මා පසුගියදා ඉන්දියාවේ කොරෝනා ආසාදිතයෙන් වෙනුවෙන් රැස් කරනු ලබන අරමුදලට ඉන්දීය රුපියල්කෝටි 5ක මුදලක් පරිත්‍යාග කළහ. එහෙත් ඩේවිඩ් වෝනර් කියා සිටින්නේ මුදල් පරිත්‍යාග කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවය. කෝලි පමණක් නොව සිය කණ්ඩායමේ සගයන් වන ස්ටීව් ස්මිත්, පැට් කමින්ස්, මාකස් ස්ටොයිනිස් සහ ජෝ බර්න්ස්ටත් ඔහු අභියෝග කර තිබේ.

 

නව අදහස දක්වන්න