පුත්තලම සහිරා විදුහල නිරෝධායන කටයුතුවලට | දිනමිණ


 

පුත්තලම සහිරා විදුහල නිරෝධායන කටයුතුවලට

පුත්තලම නගරයෙන් කොරෝනා ආසාදිතයෙක් හමුවීමත් සමඟ කඩිනමින් නිරෝධායන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර මහතා පවසයි.

මේ සඳහා සහිරා ජාතික පාසලේ පංති කාමර 20ක් සූදානම් කර ඇති අතර ඒ සෑම කාමරයකම ඇඳන් 5 බැගින් අදාළ පහසුකම් සපයාදී මෙම පිරිස ‍පෙරේදා (29) නිරෝධායන කටයුතු සඳහා රැගෙන ඒමට නියමිතව තිබිණි.

යුද හමුදාවේ 58 වැනි බළසේනාංකයේ සේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු, 143 වැනි බළසේනාවේ සේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් යුද හමුදා වෛද්‍ය කණ්ඩායම් සේම සෙසු යුද හමුදා කණ්ඩායම් ද සූදානම් කර තිබුණි.

මිහිර විජේසේකර මාරවිල සමූහ

නව අදහස දක්වන්න