රතුගල ආදිවාසීන්ට වියළි ආහාර හා එළවළු | දිනමිණ

රතුගල ආදිවාසීන්ට වියළි ආහාර හා එළවළු

උග්‍ර ආහාර අර්බුදයකට ලක්ව සිටි බිබිල රතුගල ආදිවාසීන්ට ඌව ආණ්ඩුකාර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතාගේ උපදෙස් මත ‍පෙරේදා (29) ගම්මානයටම රුපියල් ලක්ෂ

එකහමාරක වියළි ආහාර හා එළවළු ලබාදීමට මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමත්විය.

ඌව පළාත් ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍ය අඹන්වල මහත්මියගේ සහ ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂිකා විනීතා දිසානායක මහත්මියගේ අධීක්ෂණය යටතේ මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සංවර්ධන බලමණ්ඩලයේ මූල්‍ය දායකත්වයෙන් ආහාර ද්‍රව්‍ය බෙදාදීම සිදුවිය. ගම්මානයේ ජීවත් වන ආදිවාසී පවුල් 100කට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය හා එළවළු ලබාදීම මෙහිදී සිදුවිය.

ඌව පළාත් සමූහ ප්‍රසන්න පත්මසිරි

නව අදහස දක්වන්න