ඇඳිරි නීති නොතකා ලොයිනොන් වත්තේ මැණික් ගරලා | දිනමිණ


 

ඇඳිරි නීති නොතකා ලොයිනොන් වත්තේ මැණික් ගරලා

අසේල කුරුළුවංශ

ඇඳිරි නීතිය පනවා තිබියදී බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොන් වත්තේ තෙත් බිම් ස්ථානයක මැණික් ගරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු බගවන්තලාව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

සැකකරුවන් අදාළ වතුයායේම පදිංචිකරුවන් වන අතර ඔවුන් මැණික් ගැරීම සඳහා තෙත් බිම් කලාපයේ වළවල් හාරමින් විශාල පරිසර හානියක් සිදුකර තිබෙන බව පොලිසිය පවසයි.

සැකකරුවන් සමඟ ඔවුන් මැණික් ගැරීමට යොදාගත් උපකරණද පොලිසිය බාරයට ගෙන තිබේ.

ඇඳිරි නීති රෙගුලාසි උල්ලංඝණය කිරීම සහ බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ගැරිම යන චෝදනා යටතේ සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසුවේය.

 

නව අදහස දක්වන්න